මහේන්ද්‍රන්,ඇලෝසියස් ගැන සොයන්න පිටු 5ක ලියුමක් අල්ලස් කොමිසමට

visibility 20 views schedule 9 years ago timer 7:37
open_in_new Dailymotion
ශ්‍රී ලංකා මහ බැංකුව හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට හා සේවක අර්ථ සාධක අරමුදලට සිදුවූ පාඩුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් අසීමිත ලාභයත් පිළිබඳ සොයා බලා පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (31) අල්ලස් කොමිසම පැමිණිල්ලක් ඉදිරිපත් කළා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන ඇලොසියස්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් යන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.