“අපි වෙනම රාජ්‍යය අතහැරියා, ඔබ ඒකීය රාජ්‍යය අත හරින්න” උතුරු නැගෙනහිරට අනාගමික ප්‍රදේශයක් ඉල්ලයි...

visibility 18 görüntülenme schedule 9 yıl önce timer 0:39
open_in_new Dailymotion
“අපි වෙනම රාජ්‍යය අතහැරියා, ඔබ ඒකීය රාජ්‍යය අත හරින්න” යැයි තමන් ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ සියල්ලම ආණ්ඩුවට යෝජනා කරන බව EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.කොළඹ විපක්ෂ නායක නිල නිවසේ පැවති විශේෂ රැස්වීමකට එක්වු තමිල් අරසු කච්චි, ඊළම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (ඊපීආර්එල්එෆ්), දෙමළ ඊළම් විමුක්ති සංවිධානය (ටෙලෝ) සහ දෙමළ ඊළම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට්) යන දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයන් ඔහුන් අතර සිදුවු සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වු අතර එහිදි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සදහන් කළේ දෙමළ දේශපාලන පක්ෂ විසින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටීම සම්බන්ධයෙන් රජයද එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්විය යුතු බවයි.- www.lakdivaina.com