හම්බන්තොට චීනයට දීම පිටුපස මහා විනාශයක් ...පරිසර පද්ධතියම අවධානමේ ...අද බිජිං නුවර ඉරණම හෙට ලංකාවට අත් කර දෙන්න සිරිසේ
හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් හා පවරා දීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට එල්ල කල ප්‍රහාරය පිළිකුල් සහගත බවත් ඒ ප්‍රහාරය මැරයින් යොදා සිදු කල බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා පවසයි .කොළඹ,බ්ලූමැන්ඩල් පෙදෙසින් ,මරදානේ සුදුවැල්ලෙන් , කොළොන්නාවෙන් පාතාල සාමාජිකයන් ගෙන්වා විරෝධතාවයේ නියැළුණු පිරිසට ප්‍රහාර එල්ල කල බව තමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඔහු සදහන් කලා .