සිරිසේන රැහේ එවුන්ට සලකන්න් ඉගෙන ගෙන වරෙන්...

visibility 121 vues schedule il y a 9 ans timer 3:51
open_in_new Dailymotion
හම්බන්තොට වරාය සේවකයින් විසින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා හම්බන්තොට වරායේ සිදුකල වැඩ වර්ජනය සහ විරෝධතාවය පිළිබදව තොරතුරු වාර්තා කිරීමට ගිය හම්බන්තොට ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් දිලිප් කුමාරගේ මහතාට නාවික හමුදාපතිවරයා විසින් සිදුකර තර්ජනාත්මක හා අප්‍රසන්න ප්‍රහාරය නිවට හා බියගුලු ප්‍රහාරයක් ලෙස දැඩි ලෙස හෙලා දකින බව දකුණු පළාත් ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. <br /> <br />මෙරට ජනමාධ්‍ය වේදීන් හා ජනාමාධ්‍ය වෙනුවෙන් පෙනී සිටින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා විසින් ප්‍රහාරයට ලක් වු ජනමාධ්‍ය වේදීයා අවඥාවට හා සැහැල්ලුවට ලක්වන අයුරින් ඔහුවෙත වරද පටවා පාලකයින්ට කඩේ යාමේ ප්‍රතිපත්තියට දැඩි ලෙස අප්‍රසාදය පලකරන බවට ද රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වඩාත් නිවැරදි ස්ථානයකට රැගෙන යාමට වහා පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් සදහන් කර තිබේ.